Posted on 09.03.2017 by Madanayaka in විදෙස් පුවත් with 0 Comments
අද උදෑසන උතුරු කොරියාව විසින් සිය 06 වැනි න්‍යෂ්ටික අත්හදා බැලීමක් සිදුකර ඇති බව එරට මාධ්‍ය නිවේදන කර ඇති අතර එම අත්හදා බැලීම පිළිබදව ජපානය සහ දකුණු කොරියාව විසින්ද තහවුරු කර තිබේ.
සිය නවතම න්‍යෂ්ටික අත්හදා බැලීම පිළිබදව උතුරු කොරියාව විසින් මාධ්‍ය නිවේදනයක් ද නිකුත් කළ අතර මෙවර සිය විද්‍යාඥයින් විසින් හයිට්‍රජන් බෝම්බයක් අත්හදා ඇති බවත් එය ඉතාම සාර්ථකව අවසන්වූ බවත් ප්‍රකාශ කර ඇත. නවතම න්‍යෂ්ටික අත්හදා බැලීම සිදුකළ බෝම්බය තමන් සතුව ඇති බැලැස්ටික් මිසයිලවලට සවිකිරීමේ හැකියාවෙන් යුක්ත බවද වැඩිදුරටත් නිවේදනයේ සඳහන් කර තිබේ.
එක්සත් ජනපදයේ ඇති භූමිකම්පා පිළිබදව තොරතුර සටහන්වන උපකරණවල මෙම මහා පිපිරීම චීන දේශසීමාව ආසන්නයේ සිදුවූ බව සටහන්ව ඇති බවත් එහි ප්‍රබලත්වය රික්ටර් මාපකාංක 6.3ක් යැයි ඇමෙරිකා එක්සත් ජනපද භූවිද්‍යා සමීක්ෂණ ආයතනය වැඩිදුරටත් දන්වා ඇත.
එක්සත් ජනපදය හා දකුණු කොරියාව විසින් තම දේශසීමාව ආසන්නයේ සිදුකරනු ලබන යුදමය මැදිහත්වීම්වලට හා බලපෑම්වලට ප්‍රතිචාර ලෙසත් සිය රටේ ආරක්ෂාව සහතික කිරීමේ වැඩපිළිවෙළේ එක් අංගයක් ලෙස උතුරු කොරියාව සිය න්‍යෂ්ඨික කටයුතු වැඩිදියුණු කර බව ප්‍රකාශ කරයි.