Posted on 08.29.2017 by Madanayaka in විදෙස් පුවත් with 0 Comments
කොරියානු අර්ධද්වීපය හා ඒ ආසන්න ප්‍රදේශය තුල මතුව ඇති අවදානම් තත්වය උග්‍රකරමින් දකුණු කොරියාව හා එක්සත් ජනපදය විසින් පසුගිය දින ආරම්භ කරන ලද ඒකාබද්ධ යුද අභ්‍යාස පිළිබදව උතුරු කොරියාව සිය විරෝධය පළ කර තිබුනි.
දිගින් දිගටම උතුරු කොරියාවට එරෙහිව දකුණු කොරියාව හා එක්සත් ජනපදය විසින් සිදුකරනු ලබන බලපෑම් හමුවේ උතුරු කොරියාව ප්‍රතිචාර දක්වා තිබේ. අද උදෑසන ජපානයයේ හොකයිඩෝ දුපත ආසන්න මුහුදු ප්‍රදේශයට මිසයිලයක් එල්ලකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මේ දිනවල එක්සත් ජනපද හමුදා හා ජපාන හමුදා හොකයිඩෝ දුපතේ යුද අභ්‍යාස පවත්වයි. මෙම මිසයිලය එල්ලවීමෙන් පසුව ජපාන අගමැතිවරයා පවසා ඇත්තේ සිය රටට එරෙහිව දැඩි තර්ජනයක් එල්ලකොට ඇති බවයි. සිය රටේ ආරක්ෂාව පිළිබදව බැරෑරුම් තත්වයක් වන මෙම සිදුවීමට සුදුසු ප්‍රතිචාර දක්වන බව ජපාන අගමැතිවරයා පවසා ඇති බව විදෙස් මාධය වාර්තා කරයි. මේ සිදුවීම පිළිබදව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ හදිසි කැදවීමක්ද කර ඇති බව වාර්තාවේ.