தமிழ்
English
Contact
Thursday 20th July 2017    
ඉරාන ජනාධිපතිගේ සොයුරා අත්අඩංගුවට « Lanka Views | Views of the truth

ඉරාන ජනාධිපතිගේ සොයුරා අත්අඩංගුවට




පසුගිය 15දින ඉරාන අධිකරණය විසින් එරට ජනාධිපතිවරයාගේ බාල සොයුරා වන හුසෙයින් ෆෙරිඩුවන් මූල්‍ය වංචාවලට අදාලව අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පසුගියදා බලයට පත් හසේන් රවුහානි ජනාධිපතාවරයාගේ බාල සොයුරා වන හුසෙයින් ෆෙරිඩුවන්ට එරෙහිව මෙසේ මූල්‍ය වංචා සිදුකළ බවට චෝදනා එල්ලවී තිබුනු අතර පිළිබදව එරට නීති අංශ මගින් චෝදනා ගොනුකර තිබුනි.

ජනාධිපතිවරයාගේ ප්‍රධාන ආධාරකරුවකු වන සිය සොයුරා මීට පෙර ඔහු හිටපු රාජ්‍යතාන්ත්‍රිකයකු ලෙස කටයුතු කර ඇති බව ඉරාන මාධ්‍ය වාර්තා කරතිබේ. බටහිර රටවල් සමග කරන ලද ඉරාන න්‍යෂ්ඨික අවි පිළිබදව සාකච්ඡාවලද ප්‍රධනියකු ලෙස සහභාගීවී සිටි අයෙකි.

කෙසේ වෙතත් පසුගිය සෙනසුරාදා පැවැති නඩුවේදී ඔහුට ඇප නියමවුවත් එම ඇප තැබීමට අපොහොසත්වීම හේතුවෙන් ඔහුව බන්ධනාගාරගත කිරීමට ඉරාන අධිකරණය කටයුතු කර ඇතැයි වාර්තාවේ.



Related News