Posted on 10.20.2017 by Madanayaka in විදෙස් පුවත් with 0 Comments
පසුගිය දා ඉරාකයේ උතුරු ප්‍රදේශයේ කිර්කුක් නගරයේ පාලනය අල්ලාගත් ඉරාක හමුදාව හා කුර්දිස්තාන් සටන්කාමීන් අතර අද දින දරුණු ගැටුම් ආරම්භවී ඇති බව විදෙස් මාධය වාර්තා කරයි. මෙම ප්‍රහාරය හේතුවෙන් දෙපාර්ශ්වයේ පිරසක් තුවාල ලබා ඇතැයි වාර්තාවේ.
විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන අන්දමට දෙපාර්ශවය අතර දරුණු රොක්ට් ප්‍රහාර හා කාලතුවක්තු ප්‍රහාරයන් එල්ලවී තිබේ. කිර්කුක් නගරයට උතුරින් පිහිටි අල්ටන් කුප්රි ප්‍රෙද්ශයේ මෙම ප්‍රහාරයන් නොනවත්වාම පැවැති බව වාර්තාවේ.
කිර්කුක් නගරයේ ජන සංයුතිය අනුව සුන්නි හා ෂියා හා කුර්දිජනයා සම ලෙස වාසයකරන ප්‍රෙද්ශයක් ලෙස ප්‍රකටය එම නිසා සටන් ඇවිල ඇති ප්‍රධාන තැනක් බවට කිර්කුක් නගර පත්ව තිබේ.
ඉරාක හමුදාව හා ඔවුන් සමග කටයුතු කරන මිලිෂියා හමුදාව විසින් කිරකුක් ප්‍රෙද්ශයේ සේවයේ නියකුතව සිටි කුර්දි සටන්කාීන්ව පළවා හැරීමට කටයුත් කර ඇති බව වාර්තාවේ.
ඒ සදහා ඉරානයේ සහාය ලබන සන්නද්ධ කණ්ඩායම්වල සහායද ඉරාක හමුදාව වෙත් ලැබී ඇති බව විදෙස් මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කරයි.