தமிழ்
English
Contact
Friday 3rd November 2017    
ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය පුරවැසියකුගේ පෞද්ගලිකත්වය මූලික මානව අයිතියක් ලෙස තහවුරු කරයි « Lanka Views | Views of the truth

ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය පුරවැසියකුගේ පෞද්ගලිකත්වය මූලික මානව අයිතියක් ලෙස තහවුරු කරයි



මහත් විවාදයට ලක්ව තිබූ ඉන්දීය යෝජිත නව විද්‍යුත් හැදුනුම්පත් සකස් කිරීමේදී එරට පුරවැසියන්ගේ අතිශය වැදගත් ජීව දත්ත තොරතුරු ලබා ගැනීමට නව පනතක් ගෙන ඒමට ඉන්දීය රජය කටයුතු කර තිබුනි.

මේ විවාදාත්මක කරුණ සම්බන්ධයෙන් එරට වැසියන් විසින් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනුකොට තිබුනි. එම පෙත්සම සලකා බැලූ ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණ පෙත්සමක් විභාග කිරීමෙන් පසුව පුරවැසියකුගේ පෞද්ගිලක්වය මූලික මානව අයිතියක් ලෙසත් එය අභියෝගයට ලක් කළ නොහැකි බව අර්ථ දක්වා ඇත. පුරවැසියන්ගේ ජෛවමිතික තොරතුරු සියල්ල ලබා ගැනීමේ සැලැසුම මේ තීන්දුවත් සමග යම් ගැටලුකාරී තත්වයකට පත්වනු ඇත.

මේ හේතුවෙන් යෝජිත ජීව දත්ත ඇතුලත් ඉන්දීය නව ඉලෙක්ට්‍රොනික හැදුනුම්පතට ලබා ගැනීමට ඉලක්ක කළ  පුද්ගලයින්ගේ අතිශය පෞද්ගලික තොරතුරු සියල්ල ලබා ගැනීමට නොහැකි වනු ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. මීට පෙර ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු දෙකකින් කෙනෙකුගේ පෞද්ගලිකත්වය මූලික මානව අයිතියක් ලෙස පිළිගෙන නොතිබුනි.

ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරැවන් නම දෙනෙකුගෙන් යුත් පුඵල් විනිසුරු මඩුල්ලක් විසින් අද මෙම තීරණය ලබාදී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.




Related News