Posted on 07.17.2017 by Madanayaka in විදෙස් පුවත් with 0 Comments
ඉන්දීය ජනාධිපතිවරයා තේරීම අද දින සිදුකිරීමට නියමිතව බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
වත්මන් ඉන්දීය ජනාධිපති වන ප්‍රනාබ් මුඛජිගේ සේවා කාලය මෙම මස අවසන් වීමට නියමිතව ඇත. මේ වන විට වසර 05ක සේවා කාලයක් සම්පූර්ණ කර ඇති මුඛජි 2012 වසරේ ඉන්දීය ජනාධිපති ධූරයට තේරී පත්විය.
ඉන්දීය ව්‍යවස්ථාව අනුව එරට ජනාධිපතිවරයා තෝරා පත්කර ගනු ලබන්නේ සෘජුවම ජනතා ඡන්දයෙන් නොවේ. අද දින ඉන්දීය පාර්ලිමේන්තුවේ හා ඉන්දීය ප්‍රාන්ත අගනුවරවල ඇති ව්‍යවස්ථාදායක සභාවලදී පැවැත්වෙන ඡන්ද විමසීමකින් පසුව ජනාධිපතිවරයා තොරාගැනීමට නියමිත බව එරට මැතිවරණ කොමිසම පවසයි.
එම ඡන්ද විමසීම සදහා සුදුසුකම් ලද මහජන නියෝජිතයන් 4896 විසින් සිදුකරනු ලබයි. ජුලි මස 20 වන දින නව ජනාධිපතිවරයා කවුරැන්ද යන්න නිල වශයෙන් ප්‍රකාශයට පත්කරනු ලැබීමට නියමිතව ඇත. ඉන්දීය ජනාධිපතිධූරයට පත්වන්නා වසර පහක සේවා කලයක් සැපිරීමට නියමිතව ඇත.
වත්මන් ජනාධිපතිවරයා වන ප්‍රනාබ් මුඛජි ඉන්දීය කොංග්‍රස් පක්ෂයේ ජේෂ්ඨයෙකි.මෙවර ජනාධිපතිධූරයට තරග වැද සිටින ප්‍රමුඛයින් දෙදෙනා වන්නේ භාරතීය ජනතා පක්ෂයේ බිහාර් ප්‍රාන්ත ආණ්ඩුකර ලෙස කටයුතු කළ රාම් නාත් කෝවින්ද් හා ඉන්දීය කොංග්‍රස් පක්ෂයේ සාමාජිකාවක වන ඉන්දීය ප්‍රථම කතානායකවරිය ලෙස කටයුතු කළ මීරා කුමාර්ය.
මොවුන් දෙනොම එරට ප්‍රමුඛ පෙලේ නීතිඥයින් වන අතර දීර්ඝකාලීන දේශපාලන අත්දැකීම් ඇති ඉන්දීය ධනේශ්වරයේ ප්‍රබලයන් දෙදෙනෙකි.