Posted on 12.07.2017 by Madanayaka in ක්‍රීඩා පුවත් with 0 Comments
ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර දිල්ලිහි ෆෙරෝස්ශා කොට්ලා ක්‍රීඩාංගණයේදී ඊයේ අවසන් වූ තෙවැනි ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය.
මේ තරගය ජයපරාජයෙන් අවසන්වීම හේතුවෙන් ඉන්දියවට 1-0 ක් ලෙස තරගාවලිය ජය ලබා ගැනීමට හැකි විය. වසර දෙකක් තුල තරගාවලි 9 ක් ජයගැනීමට මේ අනුව ඉන්දියාව සමත්විය. 2015 වසරේ සිට 2017 වසර දක්වා වසර දෙකක කාලය තුල ඉන්දියාව ටෙස්ට් ජයග්‍රහණ ලබා ගැනීමට සමත්ව ඇත.
ඉන්දීය පළමු ඉනිම කඩුළු 07ක් දැවී ලකුණු 536ක් ලබා සිටියදී සිය ඉනිම අත්හිටුවා ශ්‍රී ලංකා පිලට පන්දුවට පහරදීමට ආරාධනා කළේය. ඉන් පසුව ශ්‍රී ලංකා පිල සියලු දෙනාම දැවී ලකුණු 373ක් ලබා ගැනීමට සමත්විය.
ඉන් පසුව නැවත ඉන්දීය පිල සිය දෙවන ඉනිම සදහා කඩුළු 5ක් දැවී ලකුණු 246ක් ලබා සිටියදී ලකුණු 410ක ඉලක්කයක් ශ්‍රී ලංකා පිලට ලබා දෙමින් සිය ඉනිම අත්හිටුවීය. ශ්‍රී ලංකා කණ්ඩායමට හැකිනම් ජයග්‍රහණය කිරීමේ අභියෝගය ලබා දුනි.
ඉන් අනතුරුව දෙවන ඉනිම සදහා ශ්‍රී ලංකා පිලේ ක්‍රීඩකයින් අඩු ලකුණු සංඛ්‍යාවකට දැවී යෑම ආරම්භ වුනි. කෙසේ වෙතත් කඩුළු 4ක් ලකුණු 35කට සිමා වෙමින් තිබියදී යම් ස්ථාවර බවක් ගොඩ නැගීමට ධනංජය සිල්වා සහ දිනේෂ් චන්දිමාල් සමත්විය.
චන්දිමාල් ලකුණු 36කට දැවී ගිය විට පිටියට පිවිසි රොෂේන් සිල්වා සිය මංගල ටෙස්ට් තරගයේ දෙවන ඉනිමේදී ලකුණු 74ක් ලබාගැනීමට සමත්විය.
චන්දිමාල් සමග ධනංජය සිල්වා අතර පසුවන කඩුල්ල සදහා ලකුණු 112ක් සම්බන්ධතාවයත් ඉන් අනතුරුව ධනංජය සිල්වා හා රෝෂෙන් සිල්වා අතර යම් සථාවර සම්බන්ධතායක් ගොඩ නැගුණත් පාදයේ ඇති වූ ආබාධය හේතුවෙන් ධනංජය සිල්වාට පිටියෙන් ඉවත්වීමට සිදුවිය.
ඉන් පසුව රොෂේන් සිල්වා සමග දිනය අවසන් වන තෙක් නිරෝෂන් දික්වැල්ල කඩුල්ලේ රැදෙමින් තරගය ජය පරාජයෙන් කෙළවර කිරීමට සමත්විය.