தமிழ்
English
Contact
Thursday 12th April 2018    
ඉන්ද්‍රකාන්ති බොරු කියා සෞදියට අපහාස කළාලු! « Lanka Views | Views of the truth

ඉන්ද්‍රකාන්ති බොරු කියා සෞදියට අපහාස කළාලු!



සෞදි අරාබියේ සිට දුරකථනයෙන් සිය ඥාතින් අමතමින්  හාම්පුතා විසින් තමාව එහි බලහත්කාරයෙන් රදවා ගෙන වකුගඩුවක් ඉල්ලා සිටින බව ප්‍රකාශ කළ ඉන්ද්‍රකාන්ති ඊයේ(31) යළිත් ලංකාවට පැමිණියාය.

ගෘහසේවයේ නියුතුව සිටි මෙම කාන්තාව කළ ප්‍රකාශය අසත්‍යයක් බවත් මින් ඉදිරියට මෙවැනි අසත්‍ය ප්‍රකාශ ප්‍රසිද්ධ කර සෞදි අරාබියට අවමන් කළ හොත් අපරාධ වරදක් සේ සලකා වසර 5 සිට වසර 20 දක්වා සිර දඩුවම් ලබා දෙන බවත්, රියාල් මිලියනයක දඩ මුදලක් ගෙවීමට යටත් කරන බවට එරට බලධාරින් දන්වා ඇත.

ඇය සෞදි අරාබියේ සිය හාම්පුතාගේ නිවසින් මුදවා ගෙන ශ්‍රී ලංකා තානාපති කාර්යාලයීය සුරක්ෂා රැදවුම් මධ්‍යස්ථානයෙහි රඳවා තබා සිටි අතර ඇය අද දින උදෑසන 10.00 කුවේට් ගුවන් සේවයේ කේ.යූ. – 776 දරන යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියා. මෙම කාන්තාව පිළිබඳව පැමිණිලි ලැබීමෙන් පසු සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීන් සෞදි පොලිසියේ සහය ඇතිව මේ පිළිබඳව සොයා බලා ප්‍රකාශ කළේ ලංකාවට පැමිණීමට ඇති අවශ්‍යතාව මත ඇය මෙවැනි ප්‍රකාශයක් සිදු කර ඇති බවයි.




Related News