Posted on 07.17.2017 by Chandana Sirimalwatte in විශේෂාංග with 0 Comments
මුස්ලිම් කාන්තාවන්ගේ ඇඳුම පිළිබඳව විවිධ අවස්ථාවල සාකච්ඡා කෙරෙන අතර, ඒවා සැබෑ සමාජ කතිකාවක් දක්වා තවමත් වර්ධනය වී නැත. ඒ කතිකා සමාජගත වන්නේ බොහෝවිට ජාතිවාදී හෝ මුලධර්මවාදී පදනම් වලින් වන අතර, ආගම පදනම් කරගනිමින් ස්ත්‍රිය පීඩාවට පත් කිරීම මෙන්ම සමාජය තුළ ඇයට එල්ලවන සියලු ආකාරයේ පීඩාවන්ට අප විරුද්ධය. පහත ලිපියට අනුව හිජාබය පිලිබඳ සාකච්ඡාව වෙනස් වෙමින් යන බව පෙනෙන්නට තිබේ. හිජාබය විලාසිතාවක් බවට පත්වෙමින් තිබේ. විලාසිතාවක් බවට පත්වෙමින් තිබෙන හිජාබයෙන්, කාන්තාවන් පරිභෝජනය කරන අනෙක් සියලු දේවලින් මෙන්ම, මේ වෙළඳපොල ආර්ථික රටාව ප්‍රයෝජන ගැනීම ආරම්භ වී තිබේ. හිජාබය භාණ්ඩයක් බවට පත්වී තිබේ. විලාසිතාවක් බවට පත් වූ හිජාබය භාවිතා කිරීම, විලාසිතාවක් වූ කළ එය මිලදී ගැනීමට හැකි සියලුදෙනා විසින් ඒ පරිභෝජනය සිදු කෙරෙනු ඇත. මුලධර්මවාදීන් නියම කරන ආකාරයට මුළු සිරුරම වසාගත් නිඛාබය වුවත් උසස් විලාසිතා සන්නාමයක් යටතේ එන වර්ණවත්, විචිත්‍රවත් හිජාබයක් වුවත්, කුමන ආකාරයකින් පැමිණියත් මේ පංති සමාජයේ දී ස්ත්‍රියට දෛනිකව මුහුණදීමට සිදුවී තිබෙන පීඩනයට විසඳුමක් ඒ මඟින් උදාවේද? ස්ත්‍රී ශරීරයේ අයිතිය ඇයටම හිමිවන, කොන්දේසි විරහිතව අයට ගෞරව දක්වන සමාජයක්, ස්ත්‍රියට සැබෑ නිදහස ඇති සමාජයක් පිළිබඳ කතිකාව ඒ මඟින් ආරම්භ වේද? ඒ කතිකාව අප ආරම්භ කරන්නේ කවදාද?
පසුගියදා ඉරානයේ ජාතික හිජාබ් දිනය නිමිති කොටගෙන කැරොල් මාන් නම් ප්‍රංශ ජාතික මානවවේදිනිය විසින් රචනා කළ ‘ඇෆ්ඝනිස්තානු බුර්කාවේ සිට විලාසිතා සඟරාවක කවරය දක්වා – හිජාබය ගෝලීය විලාසිතාවක් ලෙස’ ලිපිය සිංහල භාෂාවට පරිවර්තනය කර ‘නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය’ උත්සහයක් දරන්නේ ස්ත්‍රියගේ සැබෑ නිදහස පිලිබඳ කතිකාවට මුලපිරිමටයි….(හිජාබය ගෝලීය විලාසිතාවක් ලෙස)
2017 ජූලි 12 – කැරොල් මාන්ඉරානය විසින් තම ‘ජාතික හිජාබ් දිනය’ ජූලි 12 වෙනි දින සමරනූ ලැබුවා. මේවා අතර සැමරුම් මෙන්ම විරෝධතාවන්ද ප්‍රකාශ වුණා. තම හිස් ආවරණ නොමැතිව එදින වාහන පදවමින් කාන්තාවන් මේ සඳහා තම විරුද්ධත්වය ප්‍රකාශ කළා.මේ දිනවලම, ‘අලුඅර්’ (Allure) නම් ඇමරිකානු විලාසිතා සඟරාව ප්‍රථම වතාවට හිජාබයක් පැළඳගත් නිරූපිකාවක් මඟින් ඔවුන්ගේ කවරය හැඩකර තිබුණා. සෝමාලි සුරූපිනියක් වන හලිමා හේඩන් (Halima Haden) අපට එම කවරයේ විලාසිතාවෙන් පෙන්වන්නේ, මේ ඉස්ලාමීය විලාසිතාව කෙතරම් ලස්සන සහ ඉදිරියේ දී විලාසිතාවක් බවට පරිවර්තනය වීමට හැකියාවක් ඇතිද යන්නයි.මේ හුරුබුහුටි විලාසිතාව මෙතරම් එකිනෙකට පරස්පර විවාදාත්මක වූයේ කෙසේද?ගෝලීය හිජාබය
“මැදපෙරදිග සහ ඇෆ්ඝනිස්තානයේ කාන්තාවන්ගේ ජීවිත පිලිබඳ අධ්‍යයනය කරන මානව වේදිනියක් හැටියට මම කාන්තාවන්ගේ ඇඳුම පිලිබඳ විශේෂ සැලකිල්ලක් දක්වනවා. මේ හිජාබාය තරුණ මුස්ලිම් කාන්තාව ඇඳීම පිලිබඳ දැනට යුරෝපයේ යන සාකච්ඡාව මම ලඟින් අධ්‍යයනය කරනවා”. – කැරොල් මාන්.‘හිජාබය’ ගැන සාකච්ඡා කරන විට, ප්‍රංශයේ පවා මේ සම්බන්ධ පාරිභාෂික වචන දනවන්නේ ව්‍යාකූල බවක්. ‘වොයිල්’ (වේල්) ලෙස හැඳින්වූ විට, හිජාබය හෝ හිස වසන ස්කාෆ් එකේ සිට බුර්කාව වැනි ලෝගුව දක්වා සියල්ල හැඳින්වීමට යෙදෙනවා.මුස්ලිම් කාන්තාවන්ගේ ආවරණයන් ගත්විට, එහි ප්‍රමාණය සහ සම්භවය මත විශාල වශයෙන් වෙනස්කම් දක්නට ලැබෙනවා. ඇෆ්ඝනිස්තානය සහ පාකිස්ථානයේ පශ්තූන් වැනි ප්‍රදේශවල හිජාබය සාමාන්‍යයෙන් නිල් පැහැති මුහුණුවරක් ගන්නවා.ගල්ෆ් රාජ්‍යයන් ‘අබායාව’ ලෙස හඳුන්වන සියලු අංග ආවරණය වූ කළු ඇඳුම සවුදි අරාබියේදී ‘නිකාබය’ වන අතර සවුදි අරාබියේ කාන්තාවන්ට මෙම ඇඳුම අනිවාර්යය වේ. මෙහි විවිධ වෙනස්වීම් වලට ලක්කළ ආකාරයන් භාවිතය තරුණ මුස්ලිම් කාන්තාවන් අතර වැඩි වෙමින් පවතින අතර මෙය මුලධර්මවාදී ඉස්ලාමික ඉගැන්වීම් වැළඳගත් ලෝකය උඩු යටිකුරු කරනවා.මෙවැනි තරුණ කණ්ඩායම් සියලුම අංග එක් ඇඳුමකට එක් කරමින් ‘ජිල්ජාබ්’ නම් ඇඳුමක් සකස් කරගෙන තිබෙනවා. මෙය ඉන්දුනීසියාවෙන් එකතු කරගෙන ඇති අතර ඉන්දුනීසියාවේදී ‘ජිල්ජාබය’ නමින් හඳුන්වන්නේ හිජාබය වන අතරම එය විවිධ ආකාරයන්ගෙන් සහ විවිධ වර්ණයන්ගෙන් යුක්ත වෙනවා.හිජාබයේ නිදහස් ආකාරයේ නිමැවුම් පැරණි බ්‍රිතාන්‍ය යටත්විජිතවල, පාකිස්තානයේ, බංග්ලාදේශයේ සහ ඉන්දියාවේ සමහර කොටස්වල මුස්ලිම් ජනතාව භාවිතයට ගෙන තිබෙනවා.එමෙන්ම කාන්තිමත්, විවිධ වර්ණයන්ගෙන් යුක්තවූ හිජාබ් වර්ග මුළු මැද පෙරදිග පුරාමත් දක්නට තිබෙනවා. එහෙත් ඉරානයේ ‘චද්දාර්’ (tchador) නමින් හඳුන්වන රළු, ශරීරය සහ හිස ආවරණය වන (සුන්නි නිඛාබය ලෙස නොව) නමුත් මුහුණ සහ අත් නිරාවරණය වී ඇති ඇඳුමද සුලබව දැකීමට තිබෙනවා.දැඩි නීති පද්ධතියක් මඟින් ප්‍රංශය මේ ඇඳුමේ තිබෙන විචිත්‍රත්වය සහ මේවායේ තිබෙන එකිනෙකට වෙනස් ලක්ෂණයන් දියකර හැර තිබෙනවා.ප්‍රංශයේ ස්ථාපිත ජනරජයේ ‘Lacite’ ප්‍රතිපත්තියට (නිරාගමික රාජ්‍යයක් ලෙස පැවතීමට) තර්ජනයක් ලෙස පෙනෙන, මුස්ලිම් ඇඳුමක් ලෙස හැඳින්විය හැකි ඕනෑම දෙයක් මහජනතාවට වියරුවෙන් පහරකෑමට ලක්වීමට හේතුවක් වෙනවා.පසුගිය ගිම්හානයේ ‘බුර්කිනි’ අවනම්බුව (ප්‍රංශ පොලිසිය බුර්කාව ඇඳගත් කාන්තාවකට වෙරළ තීරයකදී බුර්කාව ගැලවීමට නියෝග කිරීමේ සිද්ධිය), ප්‍රංශය මෙම ප්‍රශ්නය හැසිරවීමේ දී දක්වන ව්‍යාකූල බව සංකේතාත්මකව පැහැදිලි වෙනවා.ලෙබනනයද මේ වනවිට ඔවුන්ගේ වෙරළ තීරවල පිහිනුම් ඇඳුම් තහනම් කර තිබෙනවා.මර්දනයේ සංකේතයක
වෙනත් සියලුම ඇඳුම් වර්ග ලෙසටම මුස්ලිම් කාන්තාවගේ මේ විශේෂ ඇඳුමටද එක් විශේෂිත අර්ථයක් හෝ අචලව නොවෙනස් වන අර්ථයක් නොමැත.සවුදි අරාබිය සහ ඇෆ්ඝනිස්තානය වැනි රටවල, ස්ත්‍රිය මර්දනයට ලක්වන අවස්ථාවල නීත්‍යානුකූල සමාව දීම කාන්තා මර්දනයේ සංකේතාත්මක නිරූපණයන් ලෙස සැලකිය හැකිය. මැලේසියාව, ඉරානය හා ISIS පාලන ප්‍රදේශවල විශේෂ පොලිස් අංශයක් විසින් කාන්තාව ඇඳුම් පැළඳුම් සිදුකල යුතු ආකාරය පාලනය කරනවා.එමෙන්ම ෂරියා නීතිය පවතින ප්‍රදේශවල, කාන්තාවන්ගේ පෙනුම රාජ්‍යයේ හෝ පුරුෂයාගේ නිරීක්ෂණයෙන් ඔබ්බට යාමට කිසිවිටෙකත් හැකියාවක් නැහැ. මෙහි ප්‍රතිපලයක් ලෙස රූපලාවන්‍ය කටයුතු සඳහා, විශේෂයෙන් ඇස් සහ ඇහි බැමි අලංකාරය සහ ප්ලාස්ටික් සැත්කම් සඳහා අවධානය වැඩි වී තිබෙනවා.ටෙහෙරාන්හි විලාසිතාකාරිනියන් මේ අනිවාර්ය ආගමික ඇඳුම තම මෝස්‌තර වල ප්‍රකාශනයක් ලෙස යොදා ගැනීම පිළිබඳව ප්‍රසිද්ධියක් උසුලනවා. නමුත් බහුතර යුරෝපීය රටවල සහ චෙච්නියාව, චැඩ් හා මොරොක්කෝව වැනි සමහර මුස්ලිම් පාලන රටවලද හිජාබය ඇඳීම අනිවාර්ය නැති අතර දැනට ප්‍රංශයේ සිදු කර ඇති ආකාරයට මුළු මුහුණම වැසුණු නිඛාබය, සමහර රටවල තහනම් කර තිබිය හැක.2014 වසරේදී ප්‍රංශය කළ මේ තහනම් කිරීමට, මානව හිමිකම් ලීගය සහ ජාත්‍යන්තර ක්ෂමා ආයතනය තම විරුද්ධත්වයන් ප්‍රකාශ කළා. ඔවුන් පවසා සිටියේ එම නීතිය මානව හිමිකම් උල්ලංඝනය කරන බවයි. කෙසේවෙතත් ඇමරිකානු ලෝක වෙළඳපොළට ප්‍රහාර එල්ලවුණු පසු, පශ්චාත් 9/11 සමයේදී; පුරුෂ මූලික තලේබාන් සමාජයේ, බුර්කාව කාන්තාව මර්දනය කරන ආකාරයේ සංකේතයක් බව පැවසුවේ මේ සංවිධානයන් විසින්මයි.මෙම එකිනෙකට ප්‍රතිවිරුද්ධ අර්ථයන් ඇඳුම් පැළඳුම් සම්බන්ධ ලිපියක එකට ප්‍රකාශ කිරීමට සිදුවන්නේ ඉතා අපහසුවෙන්.ගෝලීයකරණය වූ ඉස්ලාමයක් උදෙසා
මැදපෙරදිග සහ යුරෝපයේ තරුණ, තරුණියන් අතර අනපේක්ෂිතව ඉස්මතු වී ඇති ආගමානුකූල ජීවිතය දෙසට නැඹුරුව; ඉස්ලාමය ගෝලීයකරණය වීම කෙසේ සිදුවිය හැකිද? එය සිදුවන්නේ කෙසේද යන ප්‍රශ්න වලට පිළිතුරු සැපයිය හැක.වසර හයකට පෙර සිදුවූ අසාර්ථක ‘අරාබි වසන්තය’ කැරලි මාලාව සහ මැද පෙරදිගට, බටහිර රටවල් කරන මැදිහත්වීම පිළිබඳව තිබෙන අවිශ්වාසය, 21 වන සියවසේ මුස්ලිම් තාරුණ්යනය දක්වන ආගමික නැඹුරුව වැඩිවීමට හේතුවිය හැකි බව, ප්‍රංශ සමාජ විද්‍යාඥ ගිල්ස් කෙපල් (Gilles Kepel) මෑතකදී ලියු La Fracture (The Fracture – බිඳීම) නම් ලිපියෙහි සඳහන් කර තිබෙනවා.ඔවුනට ඇති මතවාදීමය හිස්තැනක්, විශ්වාසය විසින් සම්පුර්ණ කරන අතර, ඩිජිටල් ලෝකය තුළ ඔවුන්ගේ පරිභෝජනවාදය විශාල ලෙස පිළිගත්තා වුණත්, ඔවුන්ගේ අප්‍රසාදය හෙජමොනික බටහිර නවලිබරල්වාදය වෙත ප්‍රකාශ කිරීමට, ආගමික නැඹුරුව ඔවුන්ට උදව්වක් වෙන බව ගිල්ස් සඳහන් කළා. මෙය අපට නැවත සිහිපත් කරන්නේ ඉතිහාසඥ ෆ්රැන්සිස් ෆුකුයාමා (Francis Fukuyama) විසින් 1992 දී පලකල The End of History and the Last Man ‘ඉතිහාසයේ අවසානය සහ අවසන් මිනිසා’ කෘතියයි. ඔහු පෘතුවියේ අනාගතය උදෙසා නීරස විකල්ප දෙකක් එම කෘතියෙහි සඳහන් කරනවා. එනම් එකක් ජාතිකවාදය සහ අනෙක ආගමික මූලධර්මවාදයයි.ආගම පැහැදිලිව පෙනෙන ලෙස ඉස්මතුවෙලා තිබුනත්, සමහරවිට ෆුකුයමා වසර 25 කට පමණ පෙර පුරෝකථනය කළ ආකාරයටම නොවෙන්න පුළුවන්. ඒ වෙනුවට මාක්ස්වාදී ඉතිහාසඥයෙක් වන එරික් හොබ්ස්බෝව්ම් (Eric Hobsbawm) ඉතාමත් සුදුසු ලෙස හැඳින්වූ ආකාරයට මෙය ‘නිර්මාණය කළ සම්ප්‍රදායක්’ ලෙස හැඳින්විය හැකියි. දේශීය සංස්කෘතියට ඇති සම්බන්ධය බැහැර කරමින් විශේෂවූ ආකාරයේ භක්තිවන්ත භාවයක් ක්‍රමයෙන් ඉස්ලාමිය පිළිපැදීම්වල භාවිතයට එකතුවී තිබෙනවා. මෙය ඉතාමත් දේශපාලනික නමුත් එහි මතුපිටින් පෙනෙන්නට ඇති දෙය පරික්ෂා කර බැලීමක් සිදු කිරීමටත් අවශ්‍ය වෙනවා.මෙහි ප්‍රතිඵලය ඔලිවියර් රෝය් (Olivier Roy) පෙන්වා දුන් ගෝලීයකරණය වූ ඉස්ලාමයයි.දැඩි ජනවාර්ගික පදනම් වලින් යුක්ත වූ ප්‍රජා කොටස් දිගු කාලීනව ජීවත්වූ යුරෝපයේ සහ උතුරු ඇමරිකාවේ සමහර ප්‍රදේශ හරහා මේ වෙනුවෙන් තුලනාත්මක ක්‍රියාවලියක් සීඝ්‍ර ලෙස පැතිරෙමින් තිබුණා. නමුත් ප්‍රංශ ජනරජයට වඩා ඇමරිකා එක්සත් ජනපදය, එකසත් රාජධානිය සහ කැනඩාව, මෙවැනි දෘශ්‍යමාන ජනවාර්ගික සහ ආගමික ඇඳුම් පැළඳුම් පිළිබඳව වඩාත් නම්‍යශීලී, ඉවසිලිවන්ත ස්වභාවයක් උසුලනවා.ප්‍රංශයේ සිටින මිලියන පහක මුස්ලිම් ජනතාව හෝ, තමන් මුස්ලිම් ජාතිකයන් ලෙස හඳුන්වාගන්නා ජනතාවගෙන් වැඩි දෙනෙක්ට හැඟෙන්නේ රටේ ක්‍රමයෙන් උඩුදුවන පීඩනෝන්මාදයට තමන් ඉලක්කයක් වෙමින් පවතින බවයි. එමෙන්ම මෙය ප්‍රංශ සමාජය බෙදීමටද හේතු වී ඇත්තේ; සියලු මුසල්මානුවන් ත්‍රස්තවාදීන් ලෙස හඳුන්වන කොටසට හා ‘Islamophobia’ – ‘ඉස්ලාමභිතිකාව’ ඇති කොටස් වලට එරෙහිව අප්‍රමාදව නැගී සිටින කොටස ලෙසයි.සදාචාරාත්මක (විනීත) විලාසිතාවන්ගේ නැගීම
ප්‍රංශයේ දේශපාලන හිස්ටීරියාව, එහි යුක්ති සහගත ස්වරූපයේ උපරිමයට ගිය විටෙක, 2016 වසරේදී, කාන්තා අයිතිවාසිකම් පිලිබඳ ඇමතිවරිය, ලොරෙන්ස් රෝසිග්නොල් (Laurence Rossignol ) ප්‍රකාශ කර සිටියේ සදාචාරාත්මක විලාසිතාව යනු නවතම ‘අයහපත’ බවයි.මෝර්මන්වරුන්ට (ක්‍රිස්තියානි ආගමික නිකායක්) සහ සත්‍යලබ්ධික යුදෙව් කාන්තාවන්ට වරක් ඇමරිකානු වෙළඳපොළට සමාන අවකාශයක් සැපයූ, එහි ශාඛාවක් බඳුවූ වෙළඳපොල, මුස්ලිම් කාන්තාවන්ට සුදුසු සදාචාරාත්මක ඇඳුම් සපයන වෙළඳපොලක් බවට පසුගිය වසර හය තුළ තීව්ර වෙමින් පැවතියා, විශේෂයෙන් අන්තර් ජාලය හරහා.මෙයින් ලාභ උපයාගත්තේ තම ඉන්ස්ටග්‍රෑම් ගිණුම් සහ විලාසිතා වෙබ් අඩෙවි හරහා සදාචාරාත්මක විලාසිතා අලෙවිකරුවන් විසිනුයි. ඔවුන් මේවා හරහා අලෙවිය මෙන්ම මුස්ලිම් තරුණ පරම්පරාවට සදාචාරාත්මක ඇඳුම් විලාසිතා පිළිබඳව අවවාදත් සපයනු ලැබුවා. මේවා සදාචාරාත්මක රෙදිපිළි භාවිතයට තම මතය වෙනස් කරගත් සාප්පු යන්නන් රාශියක් අලුතෙන් බිහිකරගැනීමට සමත් වී තිබෙනවා.ක්‍රමයෙන් ඉහල යන මධ්‍යමපංතියක් වර්ධනය වන ඉන්දුනීසියාව, මැදපෙරදිග, එකසත් රාජධානිය සහ ඇමරිකා එක්සත් ජනපදය වැනි රටවල සිටින, තම ආගම පිළිබඳව විවෘත භාවයකින් කටයුතු කරන කාන්තාවන්නම් විවිධත්වයකින් යුතු වූ විලාසිතා අත්දැකීම් ලබා ගැනීමට සමත් වෙලා තිබෙනවා.මෑතකදී තොම්සන් රෙයිටර්ස් වෙබ් අඩවිය විසින් නිකුත් කළ වාර්තාවක සඳහන් පරිදි, ලොව පුරා සිටින මුසල්මානුවන් රෙදිපිළි සඳහා 2015 වසරේදී ඇමරිකානු ඩොලර් බිලියන 244 ක් වැය කර ඇති අතර මෙය චීනයේ විලාසිතාකාරිනියන් ගේ වියදම වන ඇමරිකානු ඩොලර් බිලියන 221 ඉක්මවා යාමකි.සදාචාරාත්මක විලාසිතා යනු ශ්‍රද්ධා සම්පන්න භාවය පිළිබඳවම නොවේ. එය උසස් තත්වයේ පෙනුම, නවීනත්වය ඔබේ විලාසිතාවට ඇතුලත් කර ගැනීම සහ කාන්තාවන්ට බහුවිධ අනන්‍යතාවයන් පැවතිය හැකි බව (ආගමික අනන්‍යතාවයද ඇතුළුව) පෙන්වීමයි. ඩොල්චේ සහ ගබ්බානා (Dolce and Gabbana) වැනි උසස් විලාසිතා නිර්මාණ ආයතන පවා වර්තමානයේදී මේ ප්‍රසාරණයවන වෙළඳපොළ සඳහා නිමි ඇඳුම් තම සන්නාම යටතේ නිෂ්පාදනය ආරම්භ කර ඇත.නමුත් බියසුලු ප්‍රංශය, මේ ලාභදායි නැඹුරුවීම් වෙතින් තමන්ම ඉවත් වී සිටිනවා. සමහර ප්‍රංශ ජනතාවට සහ අනෙක් බොහෝ නිරීක්ෂකයන්ට තේරුම් ගැනීමට අසමත් වී ඇත්තේ හිජාබය ඇඳුම් පැළඳුම්වල උපාංගයක් විය හැකි බවයි. කාන්තාව තමන්ගේම වූ විවිධ හේතු නිසා මෙය භාවිතා කිරීමට තෝරාගන්නවා, එය සම්ප්‍රදාය, පුරුද්ද, සහ ස්ත්‍රීවාදී සමාජ අභියෝගයක් ජය ගැනීම හෝ හුදු අහංකාරය හෝ කුමක් හෝ හේතුවක් විය හැකියි.එමෙන්ම කිසිදු පැකිලීමකින් තොරව කොන්දේසි විරහිතව කාන්තාවන්ට තමන්ව, තමන්ට අවශ්‍ය පුද්ගලයා ලෙස වෙනස් කරගැනීමට අවකාශය නිරන්තරව තිබිය යුතුයි.එසේ කරනවිට, ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලියකදී ඔවුන්ගේ විශ්වාසයන් අනෙක් අයට ගැලපෙන ලෙස යොදා ගැනීමට ඔවුන් සමත් වෙනවා.මෙය විවිධාකාරයන්ගෙන් බලන විට මුලධර්මවාදයේ විරුද්ධාර්ථය නොවේද?
පරිවර්තනය: නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය
ඉංග්‍රීසි ලිපිය සඳහා:https://theconversation.com/global-hijabista-style-from-the…