தமிழ்
English
Contact
Wednesday 4th April 2018    
අහිමි කළ ජිවිතය ඉල්ලා කේපාපිලව් ජනතාව කොටුවේ විරෝධතාවයක! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

අහිමි කළ ජිවිතය ඉල්ලා කේපාපිලව් ජනතාව කොටුවේ විරෝධතාවයක!



යුද සමයේ නිවාස හා ඉඩම් අහිමි වූ කේපාපිලව් ජනතාව ඇතුළුව රජය විසින් දේපල පවරා ගැනීම නිසා අයුක්තියට පත් සියලු ජනතාවගේ අයිතීන් වෙනුවෙන් සම අයිතිය ව්‍යාපාරය කැදවන ලද උද්ඝෝෂණයක් අද( 27) කොළඹ, කොටුව දුම්රියපල ඉදිරිපිට පැවැත්විණි.

මුලතිව්, කේපාපිලව් ජනතාවගේ ඉඩම්, නිවෙස් සහ දේපළ යුද්ධය සමයේදී පැහැර ගැනීමට ලක්වූ අතර එම දේපල තවමත් ඒවායේ අයිතිකරුවන්ට ලබා දීමට රජය පියවර ගෙන නැත. මෙම තත්වය තුල අසාධාරණයට ලක්වූ ජනතාව දින සියය ඉක්මවා යන කාලයක් සත්‍යග්‍රහයක නිරත වුවත් ඒ පිළිබඳවද මෙතෙක් බලධාරීන්ගේ අවධානය යොමු වී නැත. කේපාපුලවු ගම තුළ පිහිටි කේපාපුලවු ජනතාවගේ ගෙවල් ළමුන්ගේ පාසල, ප‍්‍රජා ශාලව, සමූපාකාර ගොඩනැගිල්ල, හින්දු හා කි‍්‍රස්තියානි දේවස්ථාන, පෙර, පාසල, ජන සමාජ සංවර්ධන ශාලව, කි‍්‍රඩා පිටිය, සුසාන භූමිය ඇතුළු  ප‍්‍රදේශයේ හමුදා භාරයට ගනිමින් එහි හමුදා කදවුරක් පිහිටුවා ඇත. තම අයිතිවාසිකම් වෙනුවෙන් කේපාපිලව් ජනයා දින 116ක් ගෙන ගිය සත්‍යග්‍රහයට පාලකයන්ගෙන් කිසිදු පිලිතුරක් ලැබී නැත. එම නිසා පවුල් 138ක් අවතැන් කල පාලකයන්ට එරෙහි මෙම විරෝධතාවයට කේපාපිලවු ගම්වාසීන්, වාමාංශික පක්ෂ නායකයන්, වෘත්තීය සමිති නායකයන්, සමාජ ක්‍රියාකාරීන් ඇතුළු පාර්ශව ගණනාවක් සහභාගි වූහ.‍

Save




Related News