අයි.ටී.එන්. දැන්වීම් ගැන මහින්ද බෝලෙ සුසිල්ට පාස්කරයි
Posted on 10.01.2015 by Nishshanka in දේශීය පුවත් with 0 Comments
පසුගිය ජනාධිපතිවරණයට අදාල මහින්ද රාජපක්ෂගේ ප‍්‍රචාරක දැන්වීම් පළ කිරීම හේතුවෙන් ස්වාධීන රූපවාහිනී සංස්ථාවට අතමත් අයකර ගැනීමට තිබෙන රුපියල් එකලොස් කෝටී පනස් ලක්ෂයක් අය කරගැනීමට අදාලව ජනාධිපති විශේෂ කොමිසම මගින් පසුගියදා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නිවසට ගොස් එම සිදුවීමට අදාලව ප‍්‍රකාශයක් සටහන් කරගෙන තිබුනි.
එහිදී මහින්ද රාජපක්ෂ පවසා ඇත්තේ පසුගිය ජනාධිපතිවරණයට අදාල ස්වාධීන රූපවාහිනයට ලබාදීමට ඇති හිග මුදල් එජනිස විසින් ගෙවිය යුතුබවකි. මහින්ද රාජපක්ෂ එහිදී සදහන් කර ඇත්තේ එම දැන්වීම් එජනිස ජනාධිපති අපේක්ෂක ලෙස ලබාදුන් එවා බවයි.
මේ හේතුවෙන් පසුගියදා මහාපරිමාන මුල්‍ය වංචා සිදුවීම් සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම සදහා පත්කර ඇති විශේෂ ජනාධිපති කොමිසම විසින් මෙම දැන්වීම් මුදල් සම්බන්ධව අයි.ටී.එන්. හිටපු සභාපති වන අනුර සිරිවර්ධනගෙන්ද ප‍්‍රකාශයක් මීට පෙර ලබා ගෙන තිබුනි.
ඊයේ මෙම රූපවාහිනී දැන්වීම් ගැන ප‍්‍රශ්න කිරීම සදහා එජනිස හිටපු මහලේකම් සුසිල් පේ‍්‍රම්ජයන්ත කොමිසම හමුවට කදවා පැය කිහිපයක් ප‍්‍රශ්න කර ඇති එහිදී හිටපු ලේකම්වරයා පවසා ඇත්තේ එම රූපවාහිනී දැන්වීම් පිළිබදව කිසිදු එකගතාවයක් හෝ ගිවිසුමක් එජනිසය සමග හිටපු ජනාධිපතිවරයා අත්සන් කර නොමැති බවයි.
එබැවින් පසුගිය ජනාධිපතිවරයාගේ ප‍්‍රචාරක දැන්වීම්වලට අදාල හිග මුදල් සම්බන්ධයෙන් එජනිසයේ කිසිදු වගකීමක් නොදරන බවකි.
Related News