අමෙරිකන් යුද සහයෝගතා ගිවිසුම කාල නියමයක් නැතිව දීර්ඝ කරනවා – අගමැති රනිල් වික්‍රමසිංහ
Posted on 06.21.2017 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
2007 වසරේ ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම් වශයෙන් සිටියදී රොබට් ඕ බ්ලේක් සමග අත්සන් කළ යුද සහයෝගිතා ගිවිසුම (ACSA) කාලසීමා නියමයක් නොමැතිව දීර්ඝ කිරීමට ආණ්ඩුව කටයුතු කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ පවසයි.
මේ බව අනාවරණය වූයේ අද (21) පාර්ලිමේන්තුවේදී ජ.වි.පෙ. නායක අනුර දිසානායක විසින් ඇසූ ප්‍රශ්නයකට අගමැතිවරයා පිළිතුරු දුන් අවස්ථාවේදීය. මෙම ගිවිසුමට අනුව දෙරටින් එක රටක් සිය ආරක්ෂක හමුදා සදහා හෝ යුද මෙහෙයුම් සදහා වරාය, ගුවන්තොටුපළ, ගොඩබිම පමණක් නොව, ආහාර, ජලය ඇතුළු පහසුකම්, සෞඛ්‍ය සේවා ආදි වශයෙන් පහසුකම් සපයන්නකු බවට පත් වේ. ලංකාව වෙනත් රටවල හෝ වෙනත් කලාපයක යුද හෝ මිලිටරිමය කටයුතුවලට සම්බන්ධ නොවන නිසා මෙම ගිවිසුම අනුව ඇත්ත වහයෙන්ම සිදුවන්නේ එක්සත් ජනපද ආරක්ෂක සේනාවේ හා යුද කටයුතුවල පහසුකම් සපයන්නා බවට පත් වීමය. විශේෂයෙන් දකුනු චීන මුහුද අවට හා උතුරු කොරියාව කේන්ද්‍ර කරගත් ගැටුමක තත්වයන් ඇතිවී තිබියදී මෙවැනි ගිවිසුමක් අත්සන් කිරීම යනු එක්සත් ජනපදයේ යුද සහායක රටක් බවට පත් වීමය. රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා විසින් කිසිදු ලැජ්ජාවකින් තොරව සිය මාමණ්ඩිය වූ ජේ.ආර්. ජයවර්ධනගේ පාරේ යමින් මෙරට එක්සත් ජනපද යුද මධ්‍යස්ථානයක් බවට පෙරළීමට ක්‍රියාකරමින් සිටින බව නෛ්. පසුගියදා ඔහු එක්සත් ජනපදයේ පෞද්ගලික සංචාරයක නිරත විය. පසුව එය ප්‍රතිකාර ලබාගැනීමට ගිය ගමනක් ලෙස ආණ්ඩුව ප්‍රකාශ කරන ලදී.
රාජපක්ෂ ආණ්ඩුව විසින් 2007 මාර්තු 5 වැනිදා මෙම යුද සහයෝගිතා ගිවිසුම අත්සන් කලේ හොර රහසේ බවත් එහි කොන්දේසි කුමනාකාරද යන්න පාර්ලිමේන්තුව හෝ ඇමති මණ්ඩලය නොදැන සිටි බවත් එවකට හෙළි විය. එම ගිවිසුම අත්සන් කෙරුණේ වසර 10ක කාලසීමාවකට වුවද වර්තමාන ආණ්ඩුව එය අත්සන් කරන්නනේ කාල නියමයකට යටත් නොමැතිව ඕනෑම කාලයක් බලපැවැත්වෙන පරිදිය.

Related News