හිටපු ජර්මන් චාන්සලර් හෙල්මුට් කොල් මියයයි

වත්මන් එක්සත් ජර්මනිය නිර්මාණය කිරීමට මූලිකව කටයුතු කළ බටහිර ජර්මන් නායකයා වූ හෙල්මුට්කෝල මියගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මියයන විට ඔහු 87 වන වියේ පසුව.

1982 වසරේ 1998 දක්වා කාලය තුල ඔහු ජර්මනිය පාලනය කළේය. ඔහුගේ මැදිහත්වීමෙන් 1989 ජර්මන් බර්ලීන් තාප්පය බිද දමා වෙන්ව තිබූ සමාජවාදී නැගෙනහිර ජර්මනිය හා බටහිර ජර්මනිය ඒක් කිරීමේ මූලිකයා ලෙස ක්‍රියා කළේය.

යුරෝපා සංගමය තුල යුරෝ මුදල හදුන්වාදීමේ පුරෝගාමීන්ගේ කෙනෙකු වශයෙන්ද හෙල්මුට්කොල් සැලකේ. අධිරාජ්‍යවාදී වැඩපිලිවෙළේ මූලික අරමුණවූ පැවැති සමාජවාදී රාජ්‍ය පද්ධතිය බිද දැමීමේ ක්‍රියාවලිය නැගෙහිර යුරෝපා රටවල්වල සාර්ථකව ක්‍රියාත්මක කිරීමේදී පුරෝගාමී වැඩ කොටස කිරීමට ඔහුගේ වසර 16 පාලන කාලය තුල සමත්විය.

සීතල යුද සමය තුල ජර්මන් දක්ෂිණාංශයේ පුරෝගාමීම නායකයා ලෙසද  සෝවියට් විරෝධී අන්ත දක්ෂිණාංශක මතධාරියක් ලෙස ඔහුව හදුන්වනු ලබයි. ජර්මන් ක්‍රිස්තියානි ප්‍රජතන්ත්‍රවාදී සංගමයේ නායකයා ලෙස 1973 වසරේ සිට 1998 දක්වා කටයුතු කළේය.

වසර 2004 දී ඇතිවූ සුනාමි ව්‍යසනයේදී ලංකාවේ සංචාරයක නිරතව සිටි අවස්ථාවේදී ගාල්ල උණවටුන ප්‍රදේශයේදී සුනාමි රළ පහරට හසුව දිවි බෙරාගැනීමටද හෙල්මුට් කොල් සමත්විය.

Leave a Reply