தமிழ்
English
Contact
Monday 21st August 2017    
සුසන්තිකාගේ ඔලිම්පික් පදක්කම වෙන්දේසියේ (Photo) « Lanka Views | Views of the truth

සුසන්තිකාගේ ඔලිම්පික් පදක්කම වෙන්දේසියේ (Photo)



ලාංකික ක්‍රීඩිකාවක් විසින් ලබාගත් එකම ඔලිම්පික් පදක්කමවන සුසන්තිකා ජයසිංහගේ රිදී පදක්කම ප්‍රසිද්ධ වෙන්දේසියේ දැමීමට සූදානම් බව ඇය පවසා ඇත.

2000 වසරේ ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පැවති කාන්තා මීටර් 200 ය තරගයේ දෙවන ස්ථානය ලබා ගනිමින් සුසන්තිකා ජයසිංහ හිමිකරගත් රිදී පදක්කම මෙලෙස වෙන්දේසි කිරීමට සැරසෙන බව වාර්තා වේ. මෙය ලාංකිකයකු හිමිකරගත් දෙවන ඔලිම්පික් පදක්කමද වන අතර මෙම තීරණය ගෙන තිබෙන්නේ ඇයට පවත්නා ආර්ථික අර්බුදයට විසදුමක් ලෙස බව ප්‍රකාශ කර ඇත. කලකට පෙර ඇය සිය සැමියාගෙන් වෙන්ව වාසය කරන්නට පටන් ගත් අතර 2016 වසරේදී ඇයට ක්‍රීඩා අමාත්‍යංශයේ උපදේශක තනතුරක් ලබා දුන්නද සුසන්තිකා පවසන්නේ එහිදී නියමිත රාජකාරි පැවරිමක් සිදුකර නැති බව සහ එම කාර්ය සදහා ගෙවන ලද වැටුපද ඇගේත් දරුවන්ගේත් එදිනෙදා වියදම් සදහා ප්‍රමාණවත් නොවන බවයි.

Save

Save




Related News