தமிழ்
English
Contact
Saturday 21st October 2017    
සුනිල් මිහිඳුකුල සමුගනී! « Lanka Views | Views of the truth

සුනිල් මිහිඳුකුල සමුගනී!



රෝගී තත්වයක් නිසා ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටි ප්‍රවීන මාධ්‍යවේදියකු, සිනමා විචාරකයකු සහ ගත්කතුවරයකු වූ සුනිල් මිහිඳුකුල අද (30) පෙරවරුවේ අභාවප්‍රාප්ත විය.

ඔහු විසින් සිනමා සාහිත්‍යයට කළ සේවය ඇගයීම පිණිස පසුගිය ජනාධිපති සිනමා සම්මාන උළෙලේදී පුරෝගාමී සිනමා සම්මානය පිරිනමන ලදී. ලේඛකයකු ලෙස වසර 39 ක  අත්දැකීම් ඇති මිහිඳුකුල කලක් සරසවිය පුවත්පතේ ප්‍රධාන කර්තෘ ලෙසද සිළුමිණ පුවත්පතේ රසඳුන අතිරේකයේ සංස්කාරකවරයා ලෙසද කටයුතු කර තිබේ. සිනමාව ඇතුළු කලා ක්‍ෂෙත්‍රය සම්බන්ධ පර්යේෂණාත්මක ග්‍රන්ථ රාශියක් රචනා තළ මාධ්‍යවේදී මිහිඳුකුලගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ජුනි මස (01) බ්‍රහස්පතින්දා පන්නිපිටිය රුක්මලේ පොදු සුසාන භූමියේ දී සිදුකරන්නට නියමිතය.




Related News