රවිචන්ද්‍රරන් අස්වින් 2016 වසරේ කි‍්‍රකට් කී‍්‍රඩකයා ලෙස නම් කරයි

අන්තර් ජාතික කි‍්‍රකට් කවුන්සිය විසින් 2016 වසරේ ටෙස්ට් කි‍්‍රකට් කී‍්‍රඩකයා ලෙස ඉන්දීය කී‍්‍රඩක රවිචන්ද්‍රන් අස්වින් නම් කර තිබේ.

සර් ගාෆීල්ඩ් සෝබර්ස් කුසලානය හා අයි.සී.සී. වසරේ ටෙස්ට් කි‍්‍රකට් කී‍්‍රඩකයා ලෙස අස්වින් තෝරාපත්වීමත් සමග ඉන්දීය කී‍්‍රඩකයින් තිදෙනෙකු මෙම කුසලානය හා සම්මානය හිමිව තිබේ. මීට පෙර සචින් ඩෙන්ඩුල්කාර් හා රාවුල් ඩ‍්‍රාවිඩ් අයි.සී.සී. විසින් තෝරාගෙන තිබුනි.

පසුගිය සැප්තැම්බර් මස දක්වා වූ වසරේදී ටෙස්ට් කි‍්‍රකට් තරග අටකදී අස්වින් ටෙස්ට් කඩුළු 48ක් හා ටෙස්ට් ලකුණු 336ක් ලබා ගෙන ඇති අතර විස්සයි විස්ස තරග19 කදී කඩුළු 27 දවා ගැනීමටද ඔහු සමත්ව ඇත.