தமிழ்
English
Contact
Monday 23rd October 2017    
බොලිවියාවේදී 50 වන චේ සමරුවට දසතින් එක්වේ « Lanka Views | Views of the truth

බොලිවියාවේදී 50 වන චේ සමරුවට දසතින් එක්වේ



මෙම ඔක්තෝබර් මස 09 දිනට බොලිවියාවේ ලා හිගුවේරාහි චේ ඝාතනය කර වසර 50ක් සපිරේ. එබැවින් චේ මියගොස් වසර 50 ඉක්මවීම පිළිබදව ලොව පුරා වාමාංශික හා ප්‍රගතිශීලී ජනතාව විසින් සමරනු ලබති.

එහි එක් ප්‍රමුඛ අවස්ථාවක් බොලිවියානු හා කියුබානු රජය සම්බන්ධවී බොලිවියාවේදී සිදුකරනු ලබයි. එම අවස්ථාවට බොලිවියානු ජනාධිපති එල්වෝ මොරාලෙස් ප්‍රම්‍රඛ කියුබානු උප ජනාධිපති රමාරියෝ වැල්ඩාල් හා වෙනිසියුලානු උප ජනාධිපති තාරෙක් එල් අයිසාමි සහභාගිවී ඇත.

ඊට අමතරව චේගේ බාල සොයුරු වන රමීරෝ ගුවේරා හා චේගේ දරුවන් හතර දෙනා හා කියුබානු හිටපු ගරිල්ලා නායකයින් දෙදෙනෙකු වූ හැරී විලේගාස් හා ලියනාඩෝ තමායෝ (මොවුන් දෙදෙනාම චේ සමග බොලිවියාවේ චේ ගේ අවසාන සටනට සම්බන්ධ වී දිවි ගලවාගෙන කියුබාව වෙත පැමිණි අයයි) සහභිගීත්වයෙන් පසුගියදා බොලිවියාවේ ලා හිගුවේරාහි පිහිටි චේ අනුෂ්මරණ කෞතුකාගාරය අසල පවත්වා ඇත.

එම සමරුවට සමගාමීව ඔක්තෝබර් මස 05 වැනි දින සිට 09 දින දක්වා කාලය තුල බොලිවියානු රජය හා කියුබානු රජයේ අනුග්‍රහය ඇතිව ලා හිගුවේරාහි දින පහක චේ සැමරුමක් පැවැත්වේ.

මෙම සැමරුම සදහා කියුබානු තරණ නියෝජිතයින් , බහුජන සංවිධානවල නියෝජිතයින්, කළාකරුවන් හා වෘත්තිකයින් ගෙන සැදුම්ලත් විශේෂ නියෝජිතයන් සහභාගීවන විශේෂ සමරුවක් වැඩසටහනක් සංවිධානය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම චේ සමරුව සදහා බොලිවියානු වාමාංශික සංවිධාන 15ක නියෝජිතයින් සහභාගීවේ. ඊට සමගාමීව ලතින් ඇමෙරිකානු හා ලොව පුරා  විවිධ වාමාංශික සංවිධාන හා වෙනත් බහුජන සංවිධාන නියෝජනය කරමින් නියෝජිතයින් 10,000ක් සහභාගීවන බව කියුබානු තරුණ කොමියුනිස්ට් ලීගයේ දෙවන ලේකම් රොනාල්ඩ් හිඩැල්ගෝ රිවේරා මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත.

මෙම සමරුමට සමගාමීව බොලිවියාවේ පිහිටි චේ පාසල හා කෞතුකාගාරයේදී සංස්කෘතික අංගයන් හා චේගේ දේශපාලන දිවියේ විශේෂ ඡායා රූප ප්‍රදර්ශනයක්ද ඇතුළු සංවාද, සම්මන්ත්‍රණ, චිත්‍රපට ප්‍රදර්ශන පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇතැයි එම වාර්තා පෙන්වා දේ.




Related News