ප්‍රංශ පාර්ලිමේන්තු මැතිවරණයෙන් මැක්රෝන්ගේ පක්ෂය ජය ගනී

ප්‍රංශ පාර්ලිමේන්තු මැතිවරණයේ දෙවන වටයේ ජය ජනාධිපති එමානුවෙල් මැක්රෝන්ගේ පක්ෂයට හිමිව තිබේ. ප්‍රංශ පාර්ලිමේන්තුව ආසන 577කින් සමන්විත වේ.

මැක්රෝන්ගේ පක්ෂය හා ඔහුගේ පක්ෂය සමග සංධානගතව සිටින කණ්ඩායම්වලට මේවන විට ප්‍රකාශිත 97% ඡන්දවලින් ආසන 341කට ආසන්න ප්‍රමාණයක් ලබාගෙන එරට පාර්ලිමේන්තුවේ ප්‍රබල බහුතරය හිමිකරගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මීට වසරකට පෙර එමානුවෙල් මැක්රෝගේ පක්ෂය පිහිටුවා වසරක් ගතවන විට එම පක්ෂයට එරට ජනාධිපතිධුරය හා පාර්ලිමේන්තුවේ බහුතර බලය හිමිකර ගැනීමට හැකිව තිබේ.

1968 වසරේ චාල්ස් ඩිගෝල්ගේ පක්ෂයට ලැබුනු ජනවරමට පසුව එවැනි ස්ථාවර බහුතර පාලනයක් ගෙනයෑම සදහා එමානුවෙල් මැක්රෝගේ වත්මන් සංධානයට ලැබී තිබෙන බව වාර්තාවේ.

කෙසේ වෙතත් ප්‍රංශය තුල මේවන විට පවතින විරැකියාව හා සමාජ සුබසාධන කප්පාදුව නතර කර ගැනීමේ අභියෝගයට ප්‍රංශ ජනතාව මුහුණදෙනු ඇත.

වත්මන් මැක්රෝන් පාලනයට ප්‍රංශයේ මේවනවිට මුතුව ඇති ආර්ථික අර්බූදයට හා තරුණයින්ගේ රැකියා විරහිතභාවයට සාම්ප්‍රදායික පිළියම් තවදුරටත් වලංගුනොවන බැවිනි.

Leave a Reply