தமிழ்
English
Contact
Thursday 23rd November 2017    
නිව්යෝර් නුවර ට්‍රක්රථ ප්‍රහාරයෙන් අට දෙනෙකු මියයති « Lanka Views | Views of the truth

නිව්යෝර් නුවර ට්‍රක්රථ ප්‍රහාරයෙන් අට දෙනෙකු මියයති



අද උදෑසන නිව්යෝර් නුවර මෑන් හැටන් ප්‍රදේශයේ පික්අප් රථයක් මිනිසුන් යටකරමින් පදවමින් පුද්ගලයෝ අට දෙනෙකු ඝාතනය කර තවත් 11 දෙනෙකුට බරපතල තුවාල සිදුකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

නිව්යෝර්ක් නුවර මෑන් හැටන් ප්‍රදේශය මෙම සිදුවීම ඇතිව තිබෙන ප්‍ර දේශය ඉතා ජනාකීර්ණය.  පාපැදි ගමන් කිරීම සදහා වෙන්ව තිබෙන මාවතක් ඉලක්කර මෙම ප්‍රහාරය දියත් කර ඇති බව වාර්තාවේ.

මෙම සිදුවීම තුස්ත ප්‍රහාරයක් බව නිව්යෝර්ක් පොලිස් ප්‍රධානී පවසා ඇති බව එම වාර්තා වැඩිදුරටත් පවසයි. 2010 වසරේ එක්සත් ජනපදයට සංක්‍රමිකයෙකු වශයෙන් පැමිණි 29 හැවිරිදි උස්බෙකිස්ථාන් ජාතිකයකු ලෙස සැලකේ. පොලිසිය විසින් වෙඩි තබා ඇති අතර පසුව ඔහුව අත්අඩංගුවට ගඅනීමට හැකිවී ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.




Related News