தமிழ்
English
Contact
Saturday 21st October 2017    
ධනපතීන්ට වාසි ගෙනෙන නව බදු පනතක් « Lanka Views | Views of the truth

ධනපතීන්ට වාසි ගෙනෙන නව බදු පනතක්



දිවයිනේ පවතින ව්‍යාපාර සඳහා ස්ථාවරභාවය ලබා දීම වෙනුවෙන් ඉදිරියේදී නව බදු ප්‍රතිපත්තියක් ගෙන එන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න පවසයි.

මෙම නව ප්‍රතිපත්තිය ඉදිරි මාස දෙකක කාලය තුළ සම්මත කර ගැනීමට බලාපොරොතු වෙන බවත්, එක් එක් ජන කොටස් වලට වෙන් වෙන් වශයෙන් මෙම පනත බලපාන බවත්, පාඩු ලබන රාජ්‍ය ආයතන දිගින් දිගටම පවත්වාගෙන යෑමට රජයට හැකියාවක් නොහැකි බැවින් මෙම නව වැඩපිළිවෙල යටතේ ඉදිරියේදී රජය විසින් පෞද්ගලික අංශය හා ඒකාබද්දව කටයුතු කරන බවත් එම අයාතන කොටස් වෙළඳපොළට විවෘත්ත කරන බවත් වැඩි දුරටත් අදහස් දක්වමින් ඔහු පවසන ලදි.

මෙම පනත මීට පෙරද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව පැවසුවද ආණ්ඩුවට එල්ල වූ විවිද විරෝධයන් හේතුවෙන් තාවකාලිකව හකුලා ගෙන තිබුණි.

වත්මන් ආණ්ඩුව ඉදිරියේදී තවත් රාජ්‍ය ව්‍යවසායන් විකුණා දැමීමට නියමිත බව මින් පැහැදිලි වන අතර දුප්පතුන් සුරා කමින් ධනපතියන්ට බදු සහන ලබා දෙන ආර්ථික මොඩලය වඩා තීව්‍ර කරමින් ජනාතව මත දැවැන්ත ලෙස බර පටවමින් සිටින බවද පැහැදිලි වේ.