தமிழ்
English
Contact
Thursday 23rd November 2017    
දෙවන එක්දින තරගය පාකිස්ථානය ලකුණු 32කින් ජයගනී « Lanka Views | Views of the truth

දෙවන එක්දින තරගය පාකිස්ථානය ලකුණු 32කින් ජයගනී



අබුඩාබි ෂෙයික් සශීඩ් ක්‍රීඩාංගණයේදී ඊයේ පැවැති පැවැතී ශ්‍රීලංකාව හා පාකිස්ථානය අතර පැවැති දෙවන එක් දින තරගයෙන්ද ලකුණු 32කින් ජය ගැනීමට පාකිස්ථාන ඛණ්ඩායම සමත්විය.

කාසියේ වාසිය හිමිකර ගත් පාකිස්ථාන කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය. සිය ඉනිම සදහා පන්දුවර 50 තුල ලකුණු 219ක් ලබා ගැනීමට සමත්විය. එහිදී පාකිස්ථානය වෙනුවෙන් අනගි ඉනිමක් ක්‍රීඩා කළ බාබර් අසාඩ් ලකුණු 101ක් ලබා ගැනීමෙන් සිය කණ්ඩායමට  යම් ස්ථාවර තත්වයක් ගොඩ නගාගැනීමට උපකාරීවිය. ඔහුට අමතරව සදාම් ඛාන් ලකුණු 52ක් ලබා ගැනීමට සමත්විය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යවන්නන් අතරින් ළහිරු ගමගේ සිය පන්දුවාර 10 තුලදී ලකුණු 57කට කඩුළු 4ක් දවා ගැනීමට සමත්විය. සෙසු පන්දුයවන්න් අතරින් තිසර පෙරේරා කුඩුළු 2ක්ද සුරංග ලක්මාල් කඩුළු 1ක්ද ජෙප්රි වැන්ඩසේ එක් කඩුල්ලක් ද දවා ගැනීමට සමත් විය.

220ක් වැනි අඩු ලකුණු ප්‍රමාණයක් හඹාගොස් ජය ගැනීමේ අවස්ථාව ලංකා පිලට තිබුනත් එම අවස්ථාව මගහැරීගියේ උපුල් තරංග පමණක් සිය කඩුල්ල එක් අනත්යක ආරක්ෂාකර ගැනීමට සමත් වුවත් අනෙක් පිතුකරුවන්ගෙන් ඊට හොද සහායක් නොලැබුණි.

මේ තත්වය හේතුවෙන් ශ්‍රී ලංකා පිලට පන්දුවාර 48ක් තුල සියලු දෙනාම දැවී ලබා ගැනීමට හැකිවූයේ ලකුණු 187ක් පමණි.

මේ හේතුවෙන් උපුල් තරංග ලකුණු 112ක් ලබා ගැනීමට සමත්වුවත් සෙසු පිතිකරුවන්ගෙන් ප්‍රමාණවත් සහායක් නොලැඹීමෙනි. ජෙප්රි වැන්ඩසේ ලකුණු 22 ලබා ගැනීමට සමත්වුවත් සෙසු පිතිකරුවන්ට ලකුණු 12හේ සීමාව පසුකිරීමට පාකිස්ථානු පන්දුයවන්නන් ඉඩ නොදුනි.

පාකිස්ථානු පන්දු යවන්නන් අතරින් සදාබ් ඛාන් පන්දුවාර නමයක් යවා ලකුණු 47කට කඩුළු 3ක් දවා ගැනීමට සමවිය. සෙසු පන්දු යවන්නන් ශ්‍රී ලංකා පිලේ එක් කඩුල්ල බැගින් ලබා ගැනීමට සමත් විය.

සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙනයෑමට නායකයා ලෙස උපල් තරංග ප්‍රබල උත්සාහයක නිරතවූවත් එය ඉටුකර ගැනීමට නොහැකිවිය.