தமிழ்
English
Contact
Thursday 23rd November 2017    
ටෙක්සාස්හි දේවස්ථානයක වෙඩි තැබීමකින් 26 දෙනෙකු මියයති « Lanka Views | Views of the truth

ටෙක්සාස්හි දේවස්ථානයක වෙඩි තැබීමකින් 26 දෙනෙකු මියයති



එක්සත් ජනපදයේ ටෙක්සාස් ප්‍රාන්තයේ ඉරිදා දින පැවැති දේව මෙහෙය ඉලක්ක කර එල්ලකරනු ලැබූ වෙඩි තැබීමෙන් ප්‍රද්ගලයෝ 26 දෙනෙකු මියගොස් තවත් 20 අධික පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ටෙක්සාස්හි සදර්ලෑන්ඩ් ස්ප්‍රීන් හි පිහිටි බැප්ටිස් දේවස්ථානයක සිදුවූ මෙම සිදුවීම එක්සත් ජනපද ඉතිහාසය තුල දේවස්ථානයක සිදුවූ දරුණුම ඛේදවාචකයක් ලෙස මෙම සිදුවීම හදුන්වයි.

සුදු ජාතික 26 හැවිරිදු තරණයකු විසින් මෙම සමූහ ඝාතන වෙඩි ප්‍රහාරය එල්ලකර ඇති බවත් එම අපරාදය සිදුවූ ස්ථානයට ටික දුරකින් ඔහු ගමන් ගත් රථයේ වෙඩි වැදී මෙම සැකකරුද මියගොස් සිටියදී  ඔහුගේ සිරුර හමුව ඇති බව ටෙක්සාස් පොලිසිය විසින් හෙලිකර ඇත.

සැකකරු එරට ගුවන් හුදා භටයකු ලෙස සේවය කර තිබෙන අතර සිය බිරිදට හා ඔහුගේ ළමයකුට පහරදීමේ චෝදනාව හේතුවෙන් හමුදා අධිකරණය විසින් ඔහුගේ සේවය අත්හිටුවා තාබුනු අයෙු බව හෙළිව තිබේ. මිය ගිය පිරිස අතර වයස අවුරුදු 72ක වියපත් අයෙකුද සිටින බව වාර්තාවේ.




Related News