தமிழ்
English
Contact
Thursday 23rd November 2017    
ජාත්‍යන්තර අපරාධ අධිකරණයෙන් ඉවත්වෙනවා – බුරුන්ඩි රාජ්‍ය පවසයි « Lanka Views | Views of the truth

ජාත්‍යන්තර අපරාධ අධිකරණයෙන් ඉවත්වෙනවා – බුරුන්ඩි රාජ්‍ය පවසයි



ජාත්‍යන්තර අපරාධ අධිකරණයෙන් සිය සාමාජිකත්ව ඉවත් කරගන්නා බව බුරුන්ඩි රාජ්‍ය ඊයේ නිවේදනය කළේය.ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ සාමාජික රටවල් 122කි. ඉන් 34ක්ම අප්‍රිකානු රටවල්වේ.

බුරුන්ඩි රාජ්‍ය මෙම සංගමයෙන් ඉවත්වන්නේ  සිය කලාපයේ රටවල්වලට මෙම ජාත්‍යන්තර අපරාධ අධිකරණයෙන් ඉටුවිය යුතු සාධාරණය ඉටු නොවන බවට චෝදනාවක්ද කරමිනි. සිය ඉවත්වීම පිළිදව අදහස් දක්වා ඇති බුරුන්ඩි රාජ්‍ය පවසා ඇත්තේ විශේෂයෙන් අප්‍රිකානු කලාපයේ රටවල් වලට එරෙහිව ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ විමසීමට ලක්වූ නඩුවලින් සාධාරණය ඉටු නොවනබවයි.

ඒ වගේම සිය කලාපය වන අප්‍රිකානු රටවල් වැනි පරිදියේ රටවලට එමගින් යුක්තිය ඉටුනොවන බවට පසුගිය කාලයේ සිදුවූ සිය අත්දැකීම් තුලින්ම ලබා ගැනීමට හැකිවූ බව බවසා තිබේ. ජාත්‍යන්තර අපරාධ අධිකරණයෙන් පළමු වරට ඉවත්වූ රට ලෙස බුරුන්ඩි රාජ්‍ය මේ අනුව පත්වේ. මේ අනුව දකුණු අප්‍රිකාව හා කෙන්යාවද සිය සාමාජිකත්වය ඉවත් කරගැනීමේ සැලසුමක සිටිනා බව විදෙස් මාධ්‍ය පවසයි.




Related News