தமிழ்
English
Contact
Monday 23rd October 2017    
ජර්මනියේ පළමු සමලංගික විවාහය සිදුවේ « Lanka Views | Views of the truth

ජර්මනියේ පළමු සමලංගික විවාහය සිදුවේ



සම ලිංගික විවාහ සදහා පැවැති නීතිමය බාධා ජර්මන් පර්ලිමේන්තුවෙන් මේ වසරේ මුල ඉවත් කිරීමත් සමග යුරෝපා රටවල් අතරින් ජර්මනිය සමලිංගික විවාහ සදහා නීතිමය අවසරය ලබාදුන් 15 වන රට බවට මේ අනුව පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව ඊයේ දිනයෙදී කාල් කෙරීයිල් හා බාඩෝ බෙන්ඩේ යන දෙදෙනා සිය විවාහය නිත්‍යානුකූලව සිදු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ වසරේ මුල ජර්මනිය තුල මෙසේ සමලිංගික සම්බන්ධතා ඇති අයට සිය විවාහය නීත්‍යානුකූලව සිදු කිරීමට නීතිමය අවසරය ලබා දෙන ලබන බවට නීති සම්මත කරනු ලැබීය.

මේ පිළිබදව එරට හරිත පක්ෂයේ නියෝජිත වොල්කර් බෙක් පවසා ඇත්තේ මෙම අවස්ථාව ලබා ගැනීම සදහා ඔවුන් වසර 28ක සිට කරනු ලැබූ අරගලයක ප්‍රථිපල ලැබී ඇති බවයි.




Related News