தமிழ்
English
Contact
Thursday 23rd November 2017    
චෙක් මහ මැතිවරණයෙන් අන්ද්‍රෙයි බාබීස්ට ජය « Lanka Views | Views of the truth

චෙක් මහ මැතිවරණයෙන් අන්ද්‍රෙයි බාබීස්ට ජය



චෙක් ජනරජයේ මහමැතිවරණයෙන් එරට බිලියනපතියකු වන අන්ද්‍රෙයි බාබීස් ජයගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අන්ද්‍රෙයිගේ පක්ෂය වන ANO (Yes)  29.6 % ඡන්ද ප්‍රතිශතයක් ලබා ගෙන සිය ප්‍රතිවාදීන්ට වඩා 20%ක පමණ ඡන්ද ප්‍රත්ශතයක් ලබාගෙන ඉදිරියෙන් සිටින බව වාර්තාවේ. හැට තුන් හැවිරිදි අන්ද්‍රෙයි එරට දෙවන ධනවත්ම පුද්ගලයා ලෙස හැදින්වේ.

පසුගිය ඔක්තෝබර් මස 20- හා 21 යනදිනයන්හි පැවැති මහ මැතිවරණයට එරට ඡන්දදායකයෝ අසූඅට ලක්ෂ හැත්තෑ හතර දහස් පන්සිය එකක් ඡන්දය දැමීමට සුදුසුකම් ලබා තිබුනි. පාර්ලිමේනුතුවේ ආසන සංඛ්‍යාව 200කි ඒ සදහා අපේක්ෂකයෝ 7524 දෙනෙකු දේශපාලන පක්ෂ 31ක් නියෝජනය කරමින් තරගවැදී තිබේ.

ව්‍යවස්ථාපිත පක්ෂ දේශපාලනයට විවේචන ගෙනඑමින් එරට මැතිවරණ දේශපාලනය තුල ජනප්‍රිය නව ලිබරල් නියෝජිතයකුගේ භුමිකාවට අන්ද්‍රෙයි බාබිස් පණ පොවා ඇත.  ඔහුගේ මැතිවරණ ව්‍යාපාරය තුල යුරෝපා සංගමයට විරෝධය පාමින් සිය මැතිවරණ කටයුතු මෙහෙයවීය.

මධ්‍යස්ථ දේශපාලන දහරාව නියෝජනය කරන බව පැවැසුවත් සිය මුල්‍ය ප්‍රාග්ධනය නව ලිබරල් ධනවාදය තුල හසුරුවමින් චෙක් ජනරජයේ වැඩකරන ජනතාවගේ ශ්‍රමය කොංල්ලකෑමට සමත්වූවකු ලෙස හැදින් විය හැකිය.

ඔහුගේ අතීත කටයුතු පිළිබදව විදෙස් මාධ්‍ය හෙළිකර ඇත්තේ චෙකොස්ලෝවැකියාවේ හිටපු රාජ්‍ය රහස් පොලිස් ඒජන්තයකු ලෙස වසර ගණනාවක් සේවය කර ඇති බවයි. ඊට පෙර චෙකොස්ලොවැකියාවේ කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකයකු ලෙසද කටයුතු කර ඇත.

එරට ප්‍රධානතම මාධ්‍ය ජාලය හිමිව ඇත්තේ ඔහුට අයත් සමාගාම් සමූහයට වන අතර චෙක් ජනරජයේ විශාලතම රසායනික නිෂ්පාදන සමාගමද ඔහුගේ යටතේ පවතින බව විදෙස් මාධය වාර්තා කරයි.

මෑත කාලීන ඔහුට එරෙහහිව වත්මන් චෙක් ජනරජයේ අගමැතිවරයා සිය දේශපාලන බලය අයුතු ලෙස තම ව්‍යාපාර කටයුතු සදහා යොදගෙන විවිධ අක්‍රමිකතා සිදුකර ඇති බවටද චෝදනා එල්ල කොට පසුගියදා උප අගමැතිධුරයෙන් නෙරපා තිබුනි.

එවන් තත්වයක් හමුවේ පැවැති මහ මැතිවරණයෙන් ජය ගන්නට අන්ද්‍රෙයි බාබීස් සමත්විය.




Related News