தமிழ்
English
Contact
Thursday 23rd November 2017    
කුර්දිස්ථාන් ස්වයං පාලන ප්‍රදේශයට ඉරාක හමුදාව පැමිණේ « Lanka Views | Views of the truth

කුර්දිස්ථාන් ස්වයං පාලන ප්‍රදේශයට ඉරාක හමුදාව පැමිණේ



අද දින ඉරාක හමුදා කුර්දිස්ථාන් ස්වයං පාලන ප්‍රදේශයක් වන කිර්කුක් නගරයට සිය හමුදා යවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඉරාක පිරිවරා ගත් සන්නද්ධ රථ හා හමුදා භටයන් ප්‍රවාහනය කරනු ට්‍රක්රථ විශාල ප්‍රමාණයක් කිර්කුක් නගරය තුලට පිවිසි බව එම වාර්තා වැඩිදුරටත් පවසයි.

පසුගිය සැප්තැම්බර් මස 25 වැනි දින කුර්දිස්ථානය විසින් ඉරාකයේ සිය පාලන ප්‍රදේශය තුල ජනමත විචාරණයක් පවත්වා ඉරාකයේ කුර්දිවරුන් පාලනය කරනු ලබන ප්‍රදේශ ස්වාධීනව කටයුතු කරන බවට කුර්දිනායකයින් ප්‍රකාශකරනු ලැබීය.

මෙම කුර්දිවරුන්ගේ ස්වාධීන ජනමත විචාරණයරණයට ඉරාකයත් එහි අසල්වැසි රටවල් වන තුර්කිය හා ඉරානය හා සිරියාව දැඩි ලෙස විරුද්ධත්වය ප්‍රකාශකරනු ලැබීය. මේ තත්වය හේතුවෙන් ඉරාකයේ උතුරු ප්‍රදේශයට අයත් කිර්කුක් නගරයට අද දින ඉරාක හමුදා පිවිසීම කුර්දිස්ථානයේ එම ජනමත විචාරණයට එරෙහිව කරනු ලැබූ හමුදාමය ප්‍රතිචාරයක් ලෙස දේශපාලන විචාරකයෝ අදහස් පළකරති.

ඉරාක හා කුර්දිස්ථාන් ස්වයංපාලන ප්‍රදේශය තුලට මෙසේ ඉරාක හමුදා පැමිණීම කලාපය තුල නව අර්බූදය සන්නද්ධ ගැටුමකට පරිවර්ථනයවීමේ නව හැරවුමක් ලක්ෂයක් ලෙස සැලකිය හැකිය.

මන්ද ලෝක අධිරාජ්ජ්‍යවාදී හා කලාපීය බලවේග මේ වන විට මැදලෙරදිග කළාපය තුල සිය මැදිහත්වීම් උත්සන්න කර ඇති අවදියක මෙම සිදුවීම හුදෙකලාව සිදුනොවන බැවිනි. කලාපය තුල පවතින ඛනිජ සම්පත් සිය ග්‍රහණයට ගැනීමට අධිරාජ්ජ්‍යවාදී පගවේග විවිධ අර්බූදයන් නිර්මාණය කරනු ලබන හෙයිනි.

අද දින සිදුව ඇති මෙම ඉරාක හමුදා කිර්කුක් නගරයට පිවිසීම මගින් කුර්දිස්ථාන් හා ඉරාක හමුදා අතර ගැටුමකට නව ආරම්භයක් වනු නිසැකය.