தமிழ்
English
Contact
Thursday 21st September 2017    
කටුනායක මාස 3ක් වසා දමා කළ ප්‍රතිසංස්කරණවලින් වැඩක් නැතිලු! « Lanka Views | Views of the truth

කටුනායක මාස 3ක් වසා දමා කළ ප්‍රතිසංස්කරණවලින් වැඩක් නැතිලු!



කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ මාස ගණනක් වසා දමා විශාල ධනයක් වියදම් කර කළ පිළිසකර කිරීම්වලින් පසුවද එහි ගුවන්පථයට අවශ්‍ය ප්‍රමිති සහතික ලබාගන්නට නොහැකි තත්වයක් උද්ගතව තිබේ.

ඒ අනුව අමෙරිකන් ඩොලර් මිලියන 50ක් වැය කර මාස ගනනක් මගීන් අපහසුතාවයට පත්කරවූ ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය සම්පූර්නයෙන් නිශ්ඵල යෙක් බවට පත්ව ඇත. ජාත්‍යන්තර ගුවන්සේවා ආයතනයේ වර්ගීකරණයට අනුව කටුනායක ඇත්තේ ‘D’ කාණ්ඩයට අයත් ගුවන් ධාවන පථයකි. රජය විසින් ගුවන්පථය ඇතුළු නවීකරණ කටයුතු සදහා ප්‍රතිපාදන වෙන්කර ඇත්තේ මෙතෙක් මෙරට පිළිගත් ගුවන්තොටුපළ ලෙස එහි තත්වය ‘F’ මට්ටම දක්වා ඉහළ නැංවීමටය. එහෙත් ගුවන්තොටුපළක ජාතයන්තර ප්‍රමිතිය තක්සේරු කරන ප්‍රධාන සාධකයක් ලෙස ගුවන් ධාවන පථයේ තත්වය ඉහළ නැංවීමට කිසිදු අවධානයක් යොමු නොකිරීම නිසා වැය කළ මහජන ධනයෙන් නිසි ප්‍රතිඵල හිමිව නැත.

දැනගන්නට ඇති ආකාරයට කටුනායක ගුවන්තොටුපළේ ධාවන පථය පළලින් මීටර 45ක් ලෙස පැවති නිසා එය ‘D’ කාණ්ඩයට අයත් විය. නමුත් නවීන පන්නයේ A380 ගුවන්යානා ගොඩබැස්විය හැකි පරිදි ‘F’ කාණ්ඩයට උසස් කිරීමට නම් එය පළලින් මීටර 60ක් විය යුතුය. කෙසේවෙතත් මත්තල ගුවන් පථය ඉදිකිරීමේදී එම ප්‍රමිතිය සලකමින් ඉදිකිරීම් සිදුකර ඇත. මේ වනවිට රාජපක්ෂ පාලනය යටතේ ගත් තීන්දු මත ශ්‍රීලංකන් ගුවන් සමාගම අන්තර්ජාතික ගමන් සදහා සුඛෝපභෝගී A380 යානා කිහිපයක් කුලී පදනම මත භාවිතා කෙරෙන අතර තවත් යානා මිලදී ගැනීම ගිවිසුම් අත්සන් කර ඇත. මෙම යානා ගොඩබැස්විය හැකි පරිදි කටුනායක ගුවන් තොටුපළේ ධාවන පථය නවීකරණය කිරිමට පාලකයන් අසමත්වීම පිළිබද ගුවන් සමාගම් සේවකයන් කනස්සල්ල පළ කරයි.




Related News