தமிழ்
English
Contact
Monday 21st August 2017    
එක්සත් ජනපදය ඩොලර් බිලියන 12ක ප්‍රහාරක යනා කටාර්යට විකුණයි « Lanka Views | Views of the truth

එක්සත් ජනපදය ඩොලර් බිලියන 12ක ප්‍රහාරක යනා කටාර්යට විකුණයි



එක්සත් ජනපදය හා කටාර් රාජ්‍ය අතර පසුගිය බදාදා අත්සන් කළ ගිවිසුමට අනුව ඇ.ඩොලර් බිලියන 12ක් වටිනා ප්‍රහාරක යානා කටාර් රජ්‍යය වෙත ලබා ගැනීට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කටාර් ආරක්ෂ අමාත්‍යවරයා පසුගියදා මෙම ගිවිසුම පිළිබදව පවසා ඇත්තේ නව ගිවිසුමෙන් එ.ජනපදයේ නිෂ්පාදිත එෆ් 15 ප්‍රහාරක යානා 36 ලබා ගැනීමට නියමිතව ඇති බවයි. මෙම ගිවිසුම අත්සන් කරනු ලබන කාලය කටාර් රාජ්‍ය වෙත ඉස්ලාමීය ත්‍රස්තවාදීන්ට අරමුදල් ලබාදීමේ චෝදනාවක් නැගෙමින් තිබියදීය. එම චෝදනාව එල්ල කරනු ලබන්නේද මැදපෙරදිග කලාපයේ එක්සත් ජනපදයේ සමීපතම සෞදි රජයයි.

පසුගියදා සෞදි අරාබිය විසින් කටාර් රජ්‍යය ත්‍රස්තවාදයට උදවුකරන රටක් ලෙස නම් කරනු ලැබීය. ඉන්පසුව  එම තීරණයත් සමග ඊජිප්තුව, ඕමානය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය යන රටවල් සෞදි අරාබිය අනුව යමින් කටාර් රාජ්‍ය සමග පැවැති සිය තානාපති, වෙළද හා ගුවන් ගමන් යන සේවාවන් ගණනාවක් නවතා දැමීමට ක්‍රියා කළේය.

එයට හේතු ලෙස දක්වා තිබුනේ කටාර් රාජ්‍යය ඉස්ලාමීය ත්‍රස්තවාදයට අරමුදල් සපයන බවට වන සෞදි චෝදනාවන්. මේ හේතුවෙන් ගල්ෆ් කලාපීය  රටවල් කිහිපයක රාජ්‍ය තාන්ත්‍රික අර්බූදයක් පැන නැගෙමින් තිබේ.




Related News