தமிழ்
English
Contact
Saturday 21st October 2017    
අවසන් තරගයෙන්ද හුසේන් බොල්ට් ජය ගනී « Lanka Views | Views of the truth

අවසන් තරගයෙන්ද හුසේන් බොල්ට් ජය ගනී



සිය රටේදී තමා සහභාගීවන අවසන් මීටර් 100 ඉසව්වෙන්ද ජය ගැනීමට හුසේන් බොල්ට් ඊයේ සමත් විය. ඒ ජැමෙයිකාවේ කිංග්ස්ටවුන් හි ජාතික ක්‍රිඩාංගණයේ පැවැති තරගයෙනි.

සිය උපන් රටවන ජැමෙයිකාවේදී තරගවදින අවසන් ක්‍රීඩා ඉසව්ව ලෙස ඊයේ මෙම මීටර් 100 ඉසව්වට හුසේන් බොල්ට් සහභාගි විය. තම අසහාය වීරයාගේ සමුගැනීම නැරඹීට තිස් දහසකට වැඩි ක්‍රීඩාලෝලීන් පිරිසක් සහභාගීවී සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුනි.

හුසෙන් බෝල්ට් සිය ඉසව්ව තත්පර 10.3කින් නිමා කරමින් දහස් සංඛ්‍යාත ක්‍රීඩා ලෝලීන්ගේ උණුසුම් ප්‍රතිචාර මැද තරගය අවසන් කිරීමට සමත්විය. මෙම අවස්ථාව නැරඹීට ජැමෙයිකානු අගමැතිවරයා හා අන්තර් ජාතික මලල ක්‍රීඩා සංගමයේ සභාපතිවරයාද පැමිණ සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

https://www.youtube.com/watch?v=FQNmpGt7oIY




Related News