தமிழ்
English
Contact
Sunday 19th November 2017    
අයි.සී.සී.සූරයන්ගේ කුසලාන අවසන් තරගය අද ඕවල්හිදී  « Lanka Views | Views of the truth

අයි.සී.සී.සූරයන්ගේ කුසලාන අවසන් තරගය අද ඕවල්හිදී 



එංගලන්තයේ ඕවල් ක්‍රීඩාංගණයේදී අද දින අයි.සී.සී.සූරයන්ගේ කුසලාන එක්දින අවසන් තරගය පැවැත්වේ.අද අවසන් තරගයට ඉන්දියාව හා පකිස්ථානය අවසන් තරගයට සූදුසුකම් ලබා තිබේ.සූරයන්ගේ කුසලාන තරගාවලියේදී ඉන්දියාව මෙම තරගාවලියේ තමන් සහභාගීවු තරග තුනෙන්  දෙකක් ජය ගත් අතර ලංකාව සමග පැවැති තරගයෙන් පරාජය විය.

පකිස්ථානයද සිය කණ්ඩායම සහභාගීවු තරග තුනෙන් දෙකක් ජයගත් අතර ඉන්දියාව සමග පැවැති තරගය පරාජය විය.

මෙම කණ්ඩායම් දෙකම මෙවර තරගාවලියේ බී කාණ්ඩය නියෝජනය කළ අතර අවසන් තරගයට ලගාවීමේ අවස්ථාව උදා කරගත්තේය. ලොව පුරා ක්‍රිකට් ක්‍රිඩාව පිළිබද උනන්දුවක් දක්වන ක්‍රීඩා ලෝලීන් අතර මෙම තරගය වඩාත් ආකර්ශණයක් වනවාට කිසිදු සැකයක් නොමැත. අවම වශයෙන් මෙම තරගය නැරඹීමට විශාල පිරිසක් ඕවල් පිටියට පැමිනෙනු ඇත.ඊට ලොව පුරා බිලියනයක පමණ පිරිසක් මෙම තරගය සජීවීව නැරඹීමට සූදානම්ව සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කණ්ඩායම් දෙක අතර  ඇති  විශිෂ්ඨතා අතර ලකුණු ලබා ගෙන සිටින ක්‍රීඩකයින් අතරින් ඉන්දියානු ක්‍රීඩකයින් තිදෙනෙකු වන දවාන්,රෝහිත් හා චිරාත් කෝලි සිටින අතර පකිස්ථාන ක්‍රීඩකයින්ගෙන් එක් අයෙකු වන අස්හාර් තරගාවලියේ වැඩිම ලකුණු ගත් ක්‍රීඩකයින් දස දෙනා අතරට පැමිණ සිටි.

පන්දු යවන්නන් අතර ඉදිරියෙන්ම සිටින්නේ පකිස්ථානයේ හසාන්ය.ඊට අමතර යුනයිඩ්ද පළමු  පන්දු යවන්නන් දස දෙනා අතර සිටී. නමුත් ඉන්දියානු පන්දුයවන්නන් කිසිවකුට එම ලැයිස්තුවට පැමිණීමට හැකියාවක් ලැබී නොමැත.

මේ තත්වය හමුවේ ඉන්දීය පිතිකරුවන් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යයිද එසේ නොමැතිනම් පකිස්ථාන පන්දුයවන්නන් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා මෙහෙයවනු ඇතිදැයි ක්‍රීඩාලෝලීන්ට දැක ගැනීමට හැකිවනු ඇත.




Related News